සීනු හඬින් - Seenu Hadin



සීනු හඬින් ලොව පිබිදෙනවා
නත්තල දොර ළඟ හිනැහෙනවා
ගව හලකට තරුවක් යනවා
අහසට පොළව ගැටේ//
තරු එළියේ කඳු වැටියේ
බෙත්ලෙහෙමේ මංගල එළියේ
මල් වැසි වසිනු පෙනේ//

තටුගෙන සුදු හිම ඉගිලෙනවා
අතු මත මුතු මෙන් බබලනවා
හිරු කැන් සුදු ඊතල වෙනවා
හැම තැන රිදී වගේ//

දියසීරා කඳු පීරා
වන්නම් ගමනින් බැස එනවා
දිය බිඳු ඇඟ සොලවා

දින දින වැහි කළු බර වෙනවා
මහවැලි ගඟ දිය බොර වෙනවා
නත්තල් කත් බැඳ ගෙන එනවා
වැහිබර උඳුවපයේ//

අරලිය මල් වතු සුදු මල්
පිබිදී මල් අතු බර වෙනවා
මේ නත්තල් මාසේ//